මැතිවරණ කොමිසන් සභාවට නව සාමාජිකයන් පත් කිරීම නුදුරේ දීම සිදු වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
කතානායක මහින්ද යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැස්වී ඒ පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතය.
සෙසු ස්වාධීන කොමිසන් සදහාද නව සාමාජිකයන් ඉදිරි දින කිහිපය තුළදී පත්කරනු ඇත.
වි්‍යවස්ථා සභාවට විපක්ෂයේ සෙසු පක්ෂවල නියෝජිතයන් පත් කර නොමැති අතර ඒ සම්බන්ධයෙන් මෙම රැස්වීමේදී තීරණයක් ගැනීමට නියමිතය.
ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් මේ වන විට පත්කර ඇති අතර නව ව්‍යවස්ථාදායක සභාව පත් කිරීමෙන් පසුව ස්වාධීන කොමිෂන් සභා සඳහා අලුතින් සාමාජිකයන් පත් කර ඒවා යළි ස්ථාපනය කළ යුතුය. මැතිවරණ කොමිසන් සභාවට නව සාමාජිකයන් පත් වන්නේ ඒ අනුවයි.
මේ අතර ආණ්ඩු පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ දේශපාලඥයන් වැඩි පිරිසක් සඳහන් කරන්නේ පළාත්පාලන මැතිවරණය කල් යනු ඇති බවත් ඒ වෙනුවට පලමුව ජනාධිපතිවරණයක් පැමිණෙනු ඇති බවත් ය.