හදිසි නීතිය අවලංගු කරන්න / නීතීඥ සංගමය ජනපතිට දන්වයි

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ නියෝගය අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටී.

එම සංගමය ඉල්ලා සිටින්නේ, මූලික අයිතීන් වන සාමකාමී රැස්වීම් හා අදහස් ප්‍රකාශ කිරීමේ හා පළ කිරීමේ නිදහස සුරක්ෂිත කරන ලෙසය.

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම රටේ වත්මන් ගැටලුවලට විසඳුමක් නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් හා ලේකම් ඉසුරු බාලපටබැදි නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඔවුන් අවධාරණය කර සිටින්නේ, හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම රටේ වත්මන් තත්ත්වයක් විසඳුමක් නොවන බවය.

පුවත යවන්න