හදිසි අවස්ථා නීතිය හා ඇඳිරි නීතිය පනවනු ලැබූයේ සාමය, ජනජීවිතය හා මහජන සහ පෞද්ගලික දේපල ආරක්ෂා කිරීමේ එකම අරමුණ ඇතිව බව රජය නිවේදනය කර තිබෙනවා.
භාෂණයේ හා ප්රකාශනයේ නිදහස හා සාමකාමී ලෙස විරෝධය පෑමේ අයිතිය මෙන්ම මහජන සාමය හා රාජ්ය, පෞද්ගලික දේපළ ආරක්ෂා කිරීමට ද රජය බැඳී සිටින බව එහි සදහන්.
භාෂණයේ හා ප්රකාශනයේ නිදහස, සාමකාමී ලෙස රැස්වීමේ හා විරෝධය පෑමේ අයිතිය ඇතුළු ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් තහවුරු කොට ප්රවර්ධනය කිරීම රජය ප්රතිඥා දී පිළිගෙන ඇති ප්රතිපත්තියක් බවත් . පසු ගිය වසර දෙකට වැඩි කාලය තුළ ඒ බව ප්රායෝගිකව සනාථ කර ඇති බවත් නිවේදනයෙන් පැවසුවා.
වත්මන් ජනපති බලයට පත්වීමෙන් පසු කිසිදු සාමකාමී උද්ඝෝෂණයකට හෝ විරෝධතා පෙළපාලියකට හෝ බැටන් ප්රහාර, කඳුළු ගෑස් සහ ජල ප්රහාර නොකළ බවත් ඇතැම් අවස්ථාවක විරෝධතාකරුවන්ගේ නියෝජිතයන් ජනාධිපති කාර්යාලයට කැඳවා ප්රශ්න සාකච්ඡා කොට විසඳුම් දෙනු ලැබූ බවත් විරෝධතා හා උද්ඝෝෂණ සඳහා ජනාධිපති කාර්යාලය සමීපයේ වෙනම භූමි භාගයක් පවා වෙන් කල බවත් එහි සදහන්.