හම්බන්තොට නගරාධිපතිට ඇප / පැමිණිල්ල සමථ මණ්ඩලයට

ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එහි සිටි ආරක්ෂකයින් දෙදෙනෙකුට පහරදී තුවාල කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු අද (19) පොලිස් ඇප මත මුදා හැරි බව බම්බලපිටිය පොලීසිය පවසයි.

මෙලෙස පොලිස් ඇප ලබා දී ඇත්තේ මෙම සිද්ධියට අදාළව අද පෙරවරුවේදී බම්බලපිටිය පොලිසියට බාර වූ පසු අත්අඩංගුවට ගත් එරාජ් ප්‍රනාන්දුට සමත මණ්ඩලයේ පෙනී සිටින ලෙස දන්වමිනි.

මෙම වරද සමත මණ්ඩලයක විසදිය විය යුතු එකක් බව පොලිසිය පවසයි.

බම්බලපිටිය කොතලාවල ඇවනිව් හි පිහිටි ඉඩමකට ඉකුත් 15 වැනිදා කඩා වැදුණු හම්බන්තොට නගරාධිපතිවරයා එහි සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනකුට පහර දී තිබිණි.

එරාජ් ප්‍රනාන්දුගේ පහදීමෙන් තුවාල ලද ආරක්ෂක නිලධාරීයකු කොළඹ ජාතික රෝහලටට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබා ගෙන ඉන් පිටව ගොස් ඇත.

පුවත යවන්න