හමාස් සටන් විරාමයකට සැරසෙයි / ඊශ්‍රායලය විරුද්ධයි / ගැටුම් අඛණ්ඩව

ගාසා තීරයේ පවතින බිහිසුණු ගැටුම්කාරී තත්ත්වය නවතමින් කඩිනම් සටන් විරාමයක් ඇතිවනු ඇතැයි හමාස් සංවිධානය පවසනවා.
එහි ප්‍රකාශකයකු සී එන් එන් වෙත සදහන් කළේ ඉදිරි පැය 24 තුල සටන් විරාමයක් නිර්මාණය වනු ඇති බවයි.
ජාත්‍යන්තරයෙන් එල්ලවන දැඩි බලපෑම් මත මෙම පියවරට එළඹෙනු ඇති බවයි හමාස් සංවිධානය පවසන්නේ.
කෙසේ වෙතත් ඊශ්‍රායලය තවදුරටත් සටන් විරාමයකට එළඹීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ අනුව හමාස් සංවිධානය අපේක්ෂා කරන සටන් විරාමයට ඉඩක් හිමිවීම දුෂ්කර බවයි සී එන් එන් වාර්තා කළේ.
මේ දක්වා දින 11ක ගැටුම්වලින් පලත්සීනුවන් හා හමාස් ත්‍රස්තවාදීන් 220 දෙනකු මරණයට පත්ව තිබෙනවා.
කුඩා දරුවන් 62 ක් ද ඊට ඇතුලත්.
හමාස් ප්‍රහාරවලින් ඊශ්‍රායල වැසියන් 10ක් ඇතුළු 12 දෙනකු මරණයට පත්ව තිබුණා.
මේ වන විටතක් සටන් විරාමයකට එළඹෙන ලෙස බලකරමින් ලෝක බලවතුන් පාර්ශව දෙකටම ඉල්ලීම් කිහිපයක්ම ඉදිරිපත් කර තිබෙනවා.
මෙය තවදුරටත් වර්ධනය වුවහොත් කලාපීය ගැටුමක් හටගැනීමේ අවදානමක් පැවතීම ඊට හේතුවයි.
කෙසේ වෙතත් ත්‍රස්තවාදීන් වසර ගණනාවක් පසුපසට යවමින් මිස මෙහෙයුම් නතර නොකරන බවයි ඊශ්‍රායලය අවධාරණය කරන්නේ.

පුවත යවන්න