මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව එරට ජනතාව වීථි බැස තිබෙනවා.
රොයිටර් පුවත් සේවය වාර්තා කළේ යැන්ගුන් ඇතුළු නගර කිහිපයක දීම එරට හමුදා පාලනයට එරෙහි විරෝධතා ක්‍රියාත්මක බවයි.
හමුදා පාලනය පරාජය වී ඇති බවත් ප්රජාතන්ත්රවාදය ජය ගන්නා බවටත් විරෝධතාකරුවන් සටන් පාඨ ප්‍රකාශ කරමින් පවතින බව ද එම වාර්තාවේ සදහන්.
විරෝධතාකරුවන්ට සහාය පලකරන එරට ජනතාව ඔවුන්ට ආහාර හා පානවලින් සංග්‍රහ කරන බවද දැක්වෙනවා.
එරට තුල අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය සීමා කර ඇති තත්ත්වයක් තුලයි මෙම විරෝධතා උත්සන්නවී ඇත්තේ.
ඉද්රි දිනවල දී මෙම විරෝධතා තවත් උත්සන්න විය හැකි බවටයි අනතුරු ඇඟවෙන්නේ.
පසුගිය පෙබරවාරි පළමුවනදා මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය සිදුවූ අතර අවුන්සාන් සුකී ඇතුළු එරට ප්‍රදාන දේශපාලනඥයන් සියල්ල මේ වන විට හමුදාව භාරයේ පසුවනවා.