හයිටි රාජ්‍යයේ ස්ථාවරභාවය සහ ආරක්ෂාව සදහා අමෙරිකානු භටයන් යොමුකරන ලෙස එරට අන්තර්වාර අග්‍රාමාත්‍ය ක්ලෝඩ් ජෝසප් සිදුකළ ඉල්ලීම අමෙරිකාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.
හයිටි ජනාධිපති ජොවෙනෙල් මොයිස් ඝාතනයෙන් අනතුරුව එරට දේශපාලන අස්ථාවරභාවයක් ඇතිවී ඇති බවයි අන්තර්වාර අග්‍රමාත්‍යවරයා පෙන්වා දී තිබුණේ.
එරට ආර්ථික මර්මස්ථාන ආරක්ෂාකර ගැනීම ද මේ වන විට ගැටලුවක් වී තිබෙනවා.
කෙසේ වෙතත් හිටපු ජනපතිගේ ඝාතනය පිළිබද පරීක්ෂණ සඳහා විශේෂ කණ්ඩායමක් හයිටි රාජ්‍ය වෙත යැවීමට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කටයුතුකර තිබෙනවා.
හයිටි ජනාධිපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ හයිටි ජාතික ඇමෙරිකානුවන් පිළිබද වැඩිදුර පරීක්ෂණ ආරම්භ කිරීමට ද කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ.
සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 4 දෙනෙක් මේ වනවිට ඝාතනය කර ඇති අතර 17 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.