එක පවුලකට සහල් කිලෝ තුනක් සති දෙකකට ප්‍රමාණවත් බවට තමන් පසුගියදා මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශය දෝෂ සහගත බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
එහිදී එක් පුද්ගලයෙකුට යන්න එක් පවුලකට යැයි කියවෙන්න ඇති බවයි වෙළෙද ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.
“අද විපක්ෂය මම කියපු වචනයක් අල්ලාගෙන සිටිනවා.ඉන් කිසිම කෙනෙකුට හානියක් වන දෙයක් නොවෙයි.ලූණු කිලෝවක් පවුලකට සති දෙකකට ඇති.
පරිප්පු කිලෝවක් සති දෙකකට ඇති.මම කියන දේ නොවෙයි වැදගත් වන්නේ කරනදේයි වැදගත් වන්නේ.මම ප්‍රකාශ කරද්දී සමහර ප්‍රකාශන වලදී යම් යම් කරුණු වරදින්න පුළුවන්.පුද්ගලයෙකුට කියන එක පවුලකට කියලා කියවෙන්න පුළුවන්.ඒවා සිද්ධි විතරයි.කියන්නා කෙසේ කීවත් සිහිබුද්ධියෙන් අසන්න පුළුවන් ජනතාවක් මෙම වැඩපිළිවෙල වැළදගෙන සිටින නිසා සතොස වෙළෙදසැල් වල සාමාන්‍ය දෛනික අලෙවිය රුපියල් කෝටි දෙකකින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
ලාභ පරමාර්ථයෙන් තොරව සතොස ආයතනය විසින් රුපියල් 1000 ක් වැනි සාධාරණ මුදලකට ලබා දෙනවා.මේ නිසා හොද මෙන්ම අහිතකර ප්‍රතිඵල රැසක් ඇතිවී තිබෙනවා.යහපත් ප්‍රතිඵලය තමයි අපිට බණිමින් හරි රජයට බණිමින් හරි,අපේ වචන අල්ලාගෙන හරි පුද්ගලික අංශය විසින් සතොසට වඩා අඩු මිලට මේ භාණ්ඩ අලෙවි කරන බවට විශාල ප්‍රචාරණයක් ගෙන යනවා.රටේ සෑම වෙළෙදසැලකින්ම මේ භාණ්ඩ මල්ල රුපියල් 1000 කට හෝ ඊට වඩා අඩුවෙන් ලැබෙනවා නම් එයයි අපේ පරමාර්ථය.”