හිටපු ඇමති මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන මංගල සමරවීර මහතා  අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් දැඩි ලෙස රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මිය ගොස් ඇත්තේ.

කොරෝනා රෝගය ආසාදනය වීමෙන් මංගල සමරවීර මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබුවා. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වූ බව රෝහල් ප්‍රකාශයෙක් සදහන් කළා.

1983 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර ප්‍රධාන සංවිධායකවරයා ලෙස දේශපාලනය පිවිසි මහතා 1989 මහ මැතිවරණයේ දී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියා. 1994 වසරේ මහ මැතිවරණයෙන් පසු කැබිනට් අමාත්‍ය වරයෙකු ලෙස කටයුතු කළ ඒ මහතා දීර්ඝ කාලයක් ජන මාධ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළා.

පසුව එක්සත් ජාතික පක්ෂයට එක්වූ මංගල සමරවීර මහතා පසුගිය ආණ්ඩුවේ මුදල් ආමත්‍යවරයා ලෙස ද කටයුතු කළා.

පුවත යවන්න