හෙට උදේ 11ට රන්ජන් නිදහස් ?

සිර දඩුවම් විදිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හෙට දිනයේ දී මුදා හැරෙන බවට වාර්තා පලවෙමින් පවතිනවා.
මේ අතර රාමනායක මහතාගේ නිල ෆේස් බුක් ගිණුම මගින් ද සදහනක් කර තිබුණේ තමන් නිදහස් වි පැමිණෙන විට තමන් වෙනුවෙන් කැපවූ ජනතාව දැක ගැනීමට කැමැත්තෙන් පසුවන බවයි.
ඒ අනුව හෙට පෙරවරු 11ට වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටට පැමිණෙන ලෙස ද එමගින් දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ නිදහස් දිනය වෙනුවෙන් රන්ජන් රාමනායක මහතා මුදා හැරීම පිළිබද නිල වශයෙන් තහවුරු කළ නොහැකි බවයි.

පුවත යවන්න