තමන් ක්‍රියාත්මක කරන වැඩවර්ජනය හේතුවෙන් හෙට සිට රට තුළ තවත් ඉන්ධන හිඟයක් ඇති විය හැකි බවට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික බවුසර් හිමියන්ගේ සංගමය අද අනතුරු අඟවා තිබෙනවා.
එම සංගමය අද සදහන් කළේ ඉන්ධන බවුසර් හිමියන් ඉල්ලා සිටින සියයට 60ක ගාස්තු සංශෝධනය තමන්ට මෙතෙක් හිමිව නොමැති බවයි.
ඉන්ධන ප්‍රවාහන කටයුතු අත්හිටුවීමේ බලපෑම හෙට සිට දැනෙනු ඇති බව ද සංගමය සදහන් කළා.
ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව ප්‍රවාහන ගාස්තු සංශෝධනය නොකිරීමට විරෝධය පලකරමින් වර්ජනය ක්‍රියාත්මකයි.
මේ අතර ඉන්ධන බවුසර හිමියන් වර්ජනයෙන් ඉවත් නොවන්නේ නම් නව බවුසර සඳහා බලපත් ලබාදීමට අමාත්‍යවරයා ගත් තීරණය හැකිනම් ක්‍රියාත්මක කරන ලෙස පුද්ගලික බවුසර හිමියන්ගේ සංගමය අභියෝග කර තිබුණා.
එසේ නව බවුසරයක් සේවයේ යෙදවීමට අවම වශයෙන් මාස 6ක කාලයක් අවශ්‍ය වන බවයි ඔවුන් අවධාරණය කළේ.