හෙරොයින් කිලෝ 200 ක් හෂීස් කිලෝ 60ක් සමග ශ්‍රී ලංකික බෝට්ටු 3ක් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය භාරයට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.
ද හින්දු වෙබ් අඩවිය අනාවරණ කළේ, ඉන්දීය වෙරළාරක්ෂක බලකා භාරයට ගත්, එම බෝට්ටු දකුණු ඉන්දියාවේ තිරුවානාතපුරම් ප්‍රදේශයට රැගෙන විත් ඇති බවයි.
ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් වර්ෂා නමැති නෞකාව මගින් මෙම බෝට්ටු සිය භාරයට ගෙන තිබුණා.
ඒ ලාංකිකයන් 19ක් සමගයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ආකර්ෂා දුව, චතුරාණී 3 ,සහ චතුරාණි 8 යන ශ්‍රී ලාංකික බෝට්ටු තුනයි
පකිස්ථාන යාත්‍රාවක් මගින් අදාළ මත්ද්‍රව්‍ය තොග ලබාදුන් බව මෙම ලාංකිකයටන් ප්‍රකාශ කර ඇති බව ද ඉන්දීය වාර්තා පෙන්වා දෙනවා.
In a swift sea-air coordinated operation #ICG intercepted 03 Sri Lankan Boats with 19 crew 07NM off #Minicoy Island suspected of carrying contraband. Boats escorted to #Vizhinjam #Kerala for further joint investigation.@DefenceMinIndia @MEAIndia pic.twitter.com/qsYc5ty1fm
— Indian Coast Guard (@IndiaCoastGuard) March 7, 2021