හොංකොං නිදහස් අරගලයේ තවත් ප්‍රධානියකුට අමතර සිර දඩුවමක්

හොංකොං හී ස්වාධිනත්වය වෙනුවෙන් වූ අරගලයට එක්ව සිටි ජෝශූවා වොන් හට තවත් මාස 10ක අමතර සිර දඩුවමක් පනවා තිබෙනවා.
ඒ 1989 ටියෑන්මෙන් චතුරස්‍රයේ සිදුවූ සංහාරයට එරෙහි විරෝධතාවයකට පසුගිය සමයේ එක්වූ බවට චෝදනා කරමිනුයි.
ජෝශූවා වොන් හොංකොං පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු සිර දඩුවම් නියම කළ අතර මාස 13ක සිට ඔහු සිර දඩුවම් විදිමින් පසුවනවා.
හොංකොං හී නිදහස් අරගලයට සම්බන්ධ පිරිස් නිදහස ලබා පිටතට පැමිණීම වැලැක්වීමට මෙවන් අත්තනෝමතික දඩුවම් ලබා දෙන බවටයි චෝදනා එල්ලවන්නේ.

පුවත යවන්න