හොරණ කොළඹ බස් වර්ජනයක්

මාර්ග අංක 120 හොරණ කෙළඹ බස්රථ ධාවනයෙන් ඉවත්ව වර්ජනයක නිරත වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

හොරණට සිට දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා කොළඹට අලුතින් සුඛෝපභෝගී බස් රථ ධාවනයේ යෙදවීමට කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස වර්ජනයේ නිරත වන බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේ.

තදාසන්න ප්‍රදේශ වල සිට හොරණ හරහා කොළඹට ධාවනය වන බස් බස් රථ ද මෙම වර්ජනයට සහයෝගය දක්වමින් ධාවනයෙන් වැළකී ඇති බව ද ඔහු සදහන් කළා.

පුවත යවන්න