හෝමාගම මූලික රෝහලේ කොවිඩ් ආසාදිත රෝගීන් සඳහා වෙන්කර ඇති වාට්ටු දෙකම මේ වනවිට රෝගීන්ගෙන් පිරී ගොස් තිබෙනවා.
රෝහලේ වෛද්යාධිකාරී විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පැවසුවේ කාර්ය මණ්ඩලයේ පිරිස් ද ආසාදිතයන් බවට පත්වීම ඉහළ ගොස් ඇති බවයි.
“හෝමාගම මුලික රෝහලට පසුගිය සතියට සාපේක්ෂව කොවිඩ් රෝගීන් ඇතුළත් වීමේ විශාල වැඩිවීමක් දක්නට ලැබෙනවා. මේ වනවිට කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර ඇති සියලුම ඇඳන් රෝගීන්ගෙන් පිරී අවසානයි. නැවතත් කොවිඩ් රැල්ලක් ඇතිවීම වැළක්වීම සඳහා සියලුදෙනාම හැකි ඉක්මනින් බුස්ටර් මාත්‍රාව ලබාගැනීම ඉතා වැදගත්. “