ඉන්දීය ජනප්‍රිය ගායක කේ කේ නොහොත් ක්රිෂ්ණ කුමාර් කුන්නත් හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් තිබෙනවා. ඒ ඊයේ රාත්රියේදී ප්‍රසංගයකට සහභාගිවීමෙන් අනතුරුවයි.
කොල්කටාහි පැවති සංගීත ප්‍රසංගයකට සහභාගි වී පැය කිහිපයකට පසු ඔහු මියගොස් ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. ගීත ගායනා කළ ශාලාවේ වායු සමීකරණ ක්‍රියා නොකිරීම හේතුවෙන් ඔහු දැඩි වෙහෙසට පත්ව සිටි ආකාරය ද ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණා. අධික උෂ්ණත්වය හා තෙහෙට්ටු ගතිය හේතුවෙන් ප්‍රසංගයේ දී ඔහුට පපුවේ වේදනාවක් ද දැණුනු බවයි ප්‍රසංග සංවිධායකයින් පවසන්නේ. මියයනවිට 53 හැවිරිදි වියේ පසු වූ කේ කේ 90 දශකයේ ජනප්‍රිය ගීත වන පල් සහ යාරොන් යන ගීත නිසා අතිශය ජනාදරයට ද පාත්‍ර වුණා.