උතුරු මුහුදු සීමාවට ඉන්දීය ධීවරයින් ඇතුළුවීම ඉහළ ගොස් ඇති බවට ධීවර වෘත්තිය සමිති චෝදනා කරනවා.
සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා සඳහන් කළේ , තහනම් ආම්පන්න ක්‍රම භාවිතා කර ධිවර කටයුතු වල නිරත වීම නිසා මෙරට සාගරයට මෙන්ම මත්ස්‍ය සම්පතට ද දැඩි ලෙස හානි සිදුව ඇති බවයි.
පසුගිය මාසයේ මෙරට මුහුදු තීරයට පිවිසි ඉන්දීය ධිවර යාත්‍රාවක් නාවික හමුදා යාත්‍රාවක් සමග ගැටීමෙන් අනතුරක් සිදුවූ අතර එහිදී ඉන්දීය ධිවරයන් 4 දෙනකු ද මරණයට පත්ව තිබුණා.