ඔමික්‍රෝන් එන්නත්වල කාර්යක්ෂමතාව අවම කරන බව තහවුරුයි

කොරෝනා වයිරසයේ නව ඔමික්‍රෝන් ප්‍රභේදය වයිරසයට එරෙහි එන්නත්වල කාර්යක්ෂමතාව අවම කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදය, ඩෙල්ටා ප්‍රභේදය ඉක්මවා යමින් සමාජය තුළ පැතිර යන බව දැනට සිදු කළ සායනික පරීක්ෂණවලින් තහවුරු  වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. එමෙන්ම නව ප්‍රභේදයෙන් වයිරසයට එරෙහි එන්නත්හි කාර්යක්ෂමතාව අවම කළද ආසාදිතයන්ට අසාධ්‍ය තත්ත්වයක් ඇති නොකරන බව එම සංවිධානය පෙන්වා දෙනවා.

මෙම වසර මුල් භාගයේ දී ඉන්දියාවෙන් හදුනාගත් ඩෙල්ටා ප්‍රභේදය මේ වනවිට වැඩිම ව්‍යාප්තියක් සහිත ප්‍රභේදය ලෙස සැලකෙනවා. කෙසේ වුවද ඔමික්‍රෝන් ප්‍රභේදය එහි නව විකෘති ප්‍ර භේදයන් ඇති කිරීමේ දැඩි ඉඩක් පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ. එසේ වුවහොත් ඉදිරි කාලය තුළදී ලොව පුරා දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව අපේක්ෂිත තත්ත්වයෙන් ඉක්මවා යමින් වාර්තා විය හැකි බවද එම සංවිධානය පවසනවා.

 

පුවත යවන්න