දිස්ත්‍රික්ක අටක කොරෝනා අධි අවදානම් තත්ත්වයක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසුවේ කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, ගාල්ල, නුවරඑළිය දිස්ත්‍රික්වල දෛනිකව ආසාදිතයින් 100ක් සහ මහනුවර දිසස්ත්රික්කයද දෛනිකව ආසාදිතයින් 80ක් පමණ වාර්තා වන බවයි.
එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කය ද මේ වන විට අවදානම් තත්ත්වයට පත්ව ඇති බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින්ගේ විශාල වැඩිවීමක් අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.