ගෙවුණු දිනයේ (21) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 1,604 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ආසාදිතයින් අතරින් 38 දෙනෙකු හඳුනා ගෙන ඇත්තේ, විදේශයන්හි සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිස් අතරිනි.
ඊයේ දිනයේත් දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයින් වාර්තාවී ඇති අතර වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙනි.
⭕ කොළඹ දිස්ත්‍රික්කය – 486 යි.
⭕ ගම්පහ දිස්ත්‍රික්කය – 279 යි.
⭕ කළුතර දිස්ත්‍රික්කය – 213 යි
අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.
ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් ද සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 289,577 ක් දක්වා ඉහළ ගිය අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 21,949 කි.
මේ අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 263,758 ක් දක්වා ඉහළ ගොස් තිබේ.