චන්දිමාල්ගේ උපන්දින සාදයේ විමර්ශන C.C.Dයට

රූපලාවන්‍ය ශිල්පී චන්මාල් ජයසිංහගේ උපන් දිනය වෙනුවෙන් නීරෝධායන නීති කඩකරමින් කොළඹ තරු පහේ හෝටලයක පසුගියදා පැවති සාදය පිළිබද විමර්ශන කටයුතු කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයට භාර දී තිඛෙනවා.

නිරෝධායන නිති උල්ලංඝණය කරමින් සාදයක් පැවැත්වීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් මෙම හෝටලයට එරෙහිව කොළඹ කොටුව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබුණේ ඉකුත් 30 වැනිදාය.

ඒ අනුව කොළඹ කොටුව පොලිසිය විසින් අදාළ හෝටලයේ කළමණාකාරීත්වයෙන් ප‍්‍රකාශ කිහිපයක් ද සටහන් කර ගනු ලැබ තිබූ බව ද පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

නිරෝධායන නිති උල්ලංඝණය කරමින් මෙම සාදයට සහභාගී වූ 15 දෙනකු මේ වන විට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මතමුදා හැර තිබිණී. එසේම එම අය මේ වන විට පස්යාල නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට යොමු කර ඇතැයි පොලීසීය පවසයි.

 

පුවත යවන්න