දේශසීමා උල්ලංඝනය කිරීමට චීනය ගත් පියවරයන්ට එරෙහිව ඉන්දියාව නිසි ප්‍රතිචාරයක් ලබා දී ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
ඒ එන් අයි පුවත් සේවය වාර්තා කළේ ඉන්දීය පාර්ලිමේන්තුවේදී මතුවූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය , වී මුරලිදරන් මෙම අදහස් පල කළ බවයි.
චීන ක්‍රියාකාරකම්වලට එරෙහිව දේශසීමාවේ අවි ස්ථානගත කිරීම මෙන්ම ,රාජ්‍යත්‍රාන්ත්‍රික පියවරයන් ද ගෙන ඇති බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
ටිබෙටයේ බ්‍රහ්මපුත්‍ර ගඟේ ඉන්දීය දේශ සීමාවට කිලෝමීටර් තිහකට පමණ ආසන්නයෙන් විශාල වේල්ලක් ඉදිකිරීමට චීනය සැලසුම් කර ඇති ආකාරය පිළිබඳව ද ඉන්දියාව විමසිල්ලෙන් පසුවන බවද ඔහු කියා සිටියා.
ඉන්දියාව ඒ සම්බන්ධ අදහස් චීන බලධාරීන් වෙත දැනුම් දී ඇති අතර තම රටට බලපෑම් නොවන පරිදි ඔවුන්ගේ කටයුතු සිදුකරගන්නා ලෙස දැනුම් දී ඇති බව ද ඉන්දියාව අවදාරණය කර තිබෙනවා.