චීනය මේ වන විට වඩාත් ආක්‍රමණශීලී ලෙස කටයුතු කරමින් පවතින බව , අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටොනි බ්ලින්කෙන් පවසනවා.
සී බී එස් නාලිකාව වෙත අදහස් දක්වමින් , ඔහු කියා සිටියේ ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමේ දී චීනය මෙසේ දැඩිව පියවර ගනිමින් පවතින බවයි.
චීනයේ ඉලක්ක මුදුන්පත් කර ගැනීම සඳහා චීනය තුල මෘදුව හා ජාත්‍යන්තරය තුල දැඩිව කටයුතු කරන බවටයි ඔහු චෝදනා කළේ.
දකුණු චීන මුහුද , තායිවානය, හොංකොං හා පිලිපීනය වැනි කලාපවල චීනයේ හැසිරීම කිසිසේතම පිළිගත හැකි මට්ටමක නොපවතින බවද මෙහිදී අවධාරණය කර තිබුණා.