“ජනාධිපති අස්වෙන බවක් කිසිවිටෙක කියා නෑ” / කතානායකගෙන් අලුත් කතාවක්

පක්ෂ නායකයින් ඉල්ලා සිටින්නේ නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමට සූදානම් බව තමන් ප්‍රකාශ නොකළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් කතානායකවරයා පැවසුවේ

පක්ෂ නායකයින් ඉල්ලීමක් කළහොත් ඉල්ලා අස්වීමට ජනාධිපතිවරයා කැමැත්තෙන් සිටින බව මම පක්ෂ නායකයින්ට දන්වා ඇති බවට සමාජ මාධ්‍යවල වාර්තාවක් සංසරණය වෙමින් පවතී. එය නිවැරදි ප්‍රකාශයක් නොවේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට කැමැත්ත පළ කරන බව කථානායකවරයා විසින් පක්ෂ නායකයින්ට දැනුම් දුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යළිත් පාර්ලිමේන්තුව හමුවේ අවධාරණය කළා.

එය අසත්‍ය ප්‍රකාශයක් බවයි කතානායකවරයා ක්ෂණිකව ප්‍රතිචාර පල කළේ.

මම කිව්වේ බහුතර බලය තියෙන ඕනෑම කෙනෙකුට ආණ්ඩුව භාර දෙන්න ජනාධිපති සූදානම් කියලා විතරයි

කෙසේ වෙතත් කථානායකවරයා පක්ෂ නායකයන් වෙත අදාළ දැනුම්දීම සිදුකර තිබූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ද තහවුරු කර තිබුණා.

පුවත යවන්න