ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල මහතාට කෙරෝනා වෛරසය ආසාදනය වී තිඛෙනවා.
මන්ත්‍රිවරයාට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකින් පසුව ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස තහවුරු කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 05 දෙනෙකු මේ වන විට හදුනාගෙන ඇත.මෙලෙස කොරෝනා ආසාදනය වූ මන්ත්‍රීවරුන් අතරට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඇතුළත්.
මරුදපණ්ඩි රාමේෂ්වරන්, මුජුබර් රහුමාන් සහ නලීන් බණ්ඩාර වෛරසය ආසාදනය වූ සෙසු මන්ත්‍රීවරුන් වේ.
එමෙන්ම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ නිලධාරීන් 10 දෙනෙකු ද පසුගියදා කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබුණා.