නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව අධ්‍යනයට නීතීඥ සංගමයෙන් කමිටුවක්

දැනට ගැසට් කර තිබෙන නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව අධ්‍යනය සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විත කමිටුවක්  පත්කර ඇතැයි, ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

එහි සභාපති කෞෂල්‍ය නවරත්න මහතා පැවසුවේ, ඒ තුළ යම් ගැටලුවක් ඇතැයි අදාළ කමිටුව නිර්දේශ කළ හොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යොමුවන බවයි.

මේ අතර අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ ජාත්‍යන්තරය තුළ පිළිගත් මූලධර්ම අනුව මෙම පනත සකස් කර ඇති බවයි.

යෝජිත නව ත්‍රස්ත්‍ර විරෝධි පනතට සමගි ජනබලවේගය විරුද්ධ බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කියා සිටියා.

මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ යෝජනා දියත් කරන විට ඇතිවන ජනතා විරෝධතා මර්දනය කිරීමට ත්‍රස්ත විරෝධී පනත යොදා ගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවටයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සදහන් කළේ.

පුවත යවන්න