75 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් බන්ධනාගාරගත ව සිටින සිරකරුවන් පිරිසකට පොදු සමාවක් ප්රදානය කර තිබේ.
ඒ අනුව පෙබරවාරි 4 වනදාට බන්ධනාගාරගත ව වසරක් ගතවන්නේ නම් දින 21ක සමාවක් හිමිවන අතර, දඩ මුදල් නො ගෙවීම සම්බන්ධයෙන් සිර දඬුවම් විඳින සිරකරුවන්ගේ ගෙවමින් පවතින ඉතිරි දඬුවම් කාලය අහෝසි කිරීම වන්නේය.
ඊට අමතරව වසර 40ක් හෝ ඊට වැඩි සිර දඬුවමක් නියම කර හෙට දිනය වන විට එම දඬුවමින් වසර විස්සක කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉතිරි කාලය අහෝසි කිරීමද සිදු කෙරෙනු ඇති.