සිය පියා විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් ගාල්ල මහමෝදර සියඹලාගහවත්ත ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි ශිෂ්‍යයෙකු මරණයට පත්ව තිබෙනවා.
පාඩම් කටයුතු සිදු නොකරන බවට චෝදනා කරමින් මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙහිදී කොසු මිටකින් එල්ල කළ ප්‍රහාරයක් හිසට වැදීමෙන් පසු එම සිසුවා රෝහල්ගත කර තිබුණා.
කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම මරණය සිදුව තිබුණා.