පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු , 2019 අප්‍රේල් 26 වැනි දින සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක් තුල සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් අතර සාරා ජැස්මින් හෙවත් පුලස්තිනි මහේන්ද්‍රන් ද සිටි බව තහවුරුව ඇතැයි පොලිසිය පවසනවා.
පුලස්තිනි මහේන්ද්‍රන්ගේ මවගෙන් ලබාගත් ඩී එන් ඒ සාම්පල සමග පිපිරීම සිදුවූ ස්ථානයෙන් සොයාගත් අස්ථි කොටස් කිහිපයක ඩී එන් ඒ සියයට 99.9කින් සමාන බව තහවුරු වූ බවයි පොලිසිය සදහන් කළේ.
පුලස්තිනි මහේන්ද්‍රන් ඉන්දීය ඔත්තුකාරියක බවට විවිධ වාර්තා පළව තිබූ අතර ඇය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු අතුරුදන්වීම සම්බන්ධයෙන් දැඩි සැකයක් ද මතුකර තිබුණා.