පිළිකා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක සමුගනී

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අද (11) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පවුලේ ඥාතියෙකු සඳහන් කළේ, ඒ මහතා හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් දින කිහිපයක සිට ශ්‍රී ජයවර්ධන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 58 ක් වන අතර වෛද්‍ය වසන්ත දිසානායක මහතාගේ දේහය පන්නිපිටිය, සෙත්සිරි පෙදෙස නිවසේ තැන්පත් කර තැබීමට නියමිත යි.

පුවත යවන්න