ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ හමුවක් අද පැවැත්වුණා.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මුලස්ථානයේ පැවති මෙම හමුවකට ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රීවරුන් 25ක් පමණ ඊට එක්ව තිබුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්
මහතා ද මෙම හමුවට එක්වු අතර ඔහු මාධ්‍යට අදහස් දක්වමින් පැවසුවේ ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් තමන් නිකුත් කළ නිවේදනයේ දැක්වූ මතයේ තමන් සහ පක්ෂය තවදුරටත් සිටින බවයි.
අදාළ සාකච්ඡාවට එක්වීමෙන් පසු මාධ්‍යට අදහස් දැක්වූ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම පැවසුවේ බැසිල් රාජපක්ෂ මහතා දිවයිනේ සිටියා නම් ඉන්ධන මිල වැඩි කිරීමට ඉඩ නොදෙන බවයි.