කොවිඩ් ආසාදිත මරණ තහවුරු කිරීමට මාස කිහිපයක් ගතවීමට හේතුව ඒවා අසාමාන්‍ය මරණවීම බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ය.
ප්රශ්නය :- දැන් මාස දෙකකට තුනකට කලින් විච්ච රිසාල්ට් තමයි මේ එන්නේ ඇයි එහෙම වෙන්නේ මැරිලා සමහරවෙලාවට අදාහනය කරලා තියනවා ඒ සේරම කටයුතු වුණාට පස්සේ මේවගේ රිසාල්ට් එකක් එන්නේ ඇයි මෙච්චර පරක්කු ඇයි මේ
නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් :- මරණයකට කළ යුතු ආකරය පිළිබඳව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්තුමා විසින් පැහැදිලි මාර්ගෝපදේශ සටහන් කරලා තියනවා. ඒ වාගේ අවශ්‍යතාවය ඉෂ්ට කිරීමෙන් පසුව තමයි අවශ්‍ය තොරතුරු ලබාදෙන්නේ ඒකට ගතවෙන කාලය තමයි ඔය ඔබතුමාලා දකින්නේ
ප්රශ්නය :- ඒ කියන්නේ සාමන්‍ය මරණයක PCR ටෙස්ට් එකක් කරලා PCR පොසිටිව් ද නැද්ද කියලා සේරම බලන්න මාස තුනක විතර කාලයක් යනවද ?
නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් :- එහෙම වෙලා නෑනේ සාමාන්‍ය මරණ නෙවෙයිනේ මේ සාමාන්‍ය මරණ නම් බැලූ බැල්මටම
ප්රශ්නය :- එච්චර කල් යනව ද ඔහොම රිසාල්ට් එකක් එන්න
නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් :- කල් යන්නේ සාමාන්‍ය මරණ නෙවෙයි අසාමාන්‍ය මරණ
එන්තත්කරණය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදි ප්‍රශ්න කෙරිණ.
ප්රශ්නය :-අනියම් ක්‍රමවේද යටතේ යම් යම් පුද්ලයින්ගේ සහභාගීත්වයෙන් එන්නත්කරණයක් අපිට දකින්නට ලැබෙනවා. දෙහිවල එම්ඕච් කාර්යාලයේ බස්වලින් ගෙනල්ලා එන්නත් කිරීමේ සිද්ධියක් සම්බන්ධව මාෆියාවක් වගේ මේක සංවිධානාත්මකව සිදුවන කාර්යක් කියන එක පැහැදිලිව පේනවා ඇයි එහෙම වෙන්නේ ?
නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් :-හැමදාම වෙනවා හැමදාම ඉන්නේ සෞඛ්‍ය සේවකයෝ පමණක් නෙවෙයි මනුෂ්‍යයෝ
ප්රශ්නය :- ඔබතුමාලටත් වැඩිය අදිසි හස්ථයන් ඉන්නවා කියන එක පැහැදිලිව පේනවානේ ?
නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් :- විඩියෝ එකකින් දකින්නේ අපට පේන රූපරාමු ටික අපි ඒක ඇත්ත තත්ත්වය හොයලා බලලා සිස්ටම් එකේ වරදක් තියනවා නම් ඒක නිරවදි කරමු