රුසියානු ජනපතිවරයාගේ නියෝගයක් මත රුසියානු හමුදා නැගෙනහිර යුක්රේනයට ඇතුළුවී තිබෙනවා.
ඒ අනුව ඩොන්ඩාස් කලාපය තුල දරුණු මට්ටමේ ගැටුම් හා පිපිරීම් වාර්තා වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.
මේ සමග යුක්රේනයේ කියෙව් අගනුවර ඇතුළු ප්‍රධාන නගර රැසක ප්‍රබල මට්ටමේ පිපිරීම් වාර්තා වී තිබෙනවා.
අගනුවර තුල පමණක් පිපිරීම් 6ක් වාර්තා වන බවයි බී බී සී සදහන් කළේ.
මේ අතර ප්‍රහාරයට එරෙහිව සටන් කරන බව යුක්රේනය අවධාරණය කළා.
දර්ශන සහිත සවිස්තර තොරතුරු ලංකා ඒ නිව්ස් යූ ටියුබ් නාලිකාවෙන්.