දැනට පවතින ඖෂධ තොග මාස තුනකින් අවසන් වීමට නියමිත බැවින් දැවැන්ත ඖෂධ හිඟයක් ඇතිවීමට ආසන්න බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා පවසනවා.
ඔහු කියා සිටියේ රටට අවශ්‍ය ඖෂධවලින් සියයට 5ක හිඟයක් පවතින බවයි.
මේ සඳහා රජය මැදිහත් නොවන්නේ නම්, සිමෙන්ති, ගෘහස්ථ ගෑස් සහ කිරිපිටි හිඟයට වඩා විශාල ඖෂධ ප්‍රශ්නයක් මතු වනු ඇති අතර රටේ සෑම දෙයක්ම පදනම් වී ඇත්තේ මිනිසුන්ගේ සෞඛ්‍යය මත බවද එම සංගමය පෙන්වා දෙනවා.
රටේ දැනට පවතින ඩොලර් අර්බුදයත් සමඟ නිෂ්පාදකයන්ට සහ ආනයනකරුවන්ට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරීමට හෝ ආනයනය කිරීමට නොහැකි වී ඇත්තේ ඒවා මිලෙන් වැඩි බැවින් ඔවුන් ආනයනය කරන ඇතැම් ඖෂධ මිල පාලනයට යටත් වුවහොත් ඒවා දේශීයව අලෙවි කළ නොහැකි වීම මතයි.
මෙම හිගය දිගටම පැවතුනහොත් ඉන්සියුලින් හිගයක් ඇති වීමට ඉඩ පවතිනවා.
අමුද්‍රව්‍ය ආනයන වියදම් ඉහළ යාම හේතුවෙන් මෙරට ඇතැම් ඖෂධ නිෂ්පාදනය මන්දගාමී වී තිබුණා.
ඇතැම් ඖෂධවල පාලන මිල ඉවත් කිරීමට රජයට නොහැකි නම් ඩොලර් අනුපාතය අනුව උච්චාවචනය වන මිල සූත්‍රයක් හඳුන්වා දීම ප්‍රායෝගික බව ද සංගමය පෙන්වා දී තිබෙනවා.
එබැවින් පැරසිටමෝල්, පැනඩෝල්, පැනඩීන්, ෆ්රිසියම්, සාමාන්‍ය සේලයින් සහ සිනාට් වැනි ජනප්‍රිය ඖෂධ බොහොමයක් හිඟයක් සහ දරුවන්ට ලබාදෙන ප්‍රතිජීවක සිරප් හිඟයක් ද මතුව තිබුණා.
පැරසිටමෝල් පෙති සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇත්තේ ඔමික්‍රොන්, ඩෙංගු, වෛරස් උණ වැනි ත්‍රිත්ව තර්ජනය නිසා නොව ප්‍රමාණවත් සැපයුමක් නොමැතිකම නිසා බවද ගන්කන්ද මහතා සදහන් කළා.
දිස්ත්‍රික්ක වශයෙන් ඖෂධ හිඟතා ලැයිස්තුවක් මෙසේයි.
පැරසිටමෝල්, පැනඩෝල්, පැනඩීන්, නයිට්රොෆුෆුරන්ටොයින්, නයිට්රොකොන්ටින්, නොර්ෆ්ලොක්සැසින්, මැග්නීසියම් සල්ෆේට් (කුඩු), මැනොරෙස්ට් ඔක්සෙටෝල් ෆීනෝබාර්බිටල්, ෆ්රිසියම් 10mg (කියෝලැක්ස්), සාමාන්‍ය සේලයින්, නයිට්රොෆුරැන්ටොයින් සාමාන්‍ය සේලයින්, ඔක්සයින් 50, ටොයිලයින් 50, ඇමිකාසින් 50, MINIPRESS XL, TNT.