ලොව පුරා ග්ලැසියර කඩා වැටීමට හේතුව හෙළිවෙයි

ලෝකයෙන් වාර්තාවන ග්ලැසියර බිදවැටීම් සඳහා දේශගුණික විපර්යාස බලපා ඇති බව අනාවරණවී තිබෙනවා.
ඒ 2016 වසරේ බටහිර ටිබෙටයේ ග්ලැසියර දෙකක් කඩා වැටීම පිළිබද සිදුකළ විමර්ෂණවල ප්‍රතිඵල අනුවයි.
එම සිදුවීමෙන් පසුව තවදුරටත් ටිබෙටයේ ග්ලැසියර බිදවැටීම් වාර්තා වන බවයි පර්යේෂණ කණ්ඩායම් පවසන්නේ.
2016 වසරේ සිදුවූ පළමු ග්ලැසියර අනතුරින් 9 දෙනකු මියගිය අතර ගවයින් සිය ගණනක්ද එහිදී මරණයට පත්වුණා.
අරු කෝ විල සහ මේමාර් කෝ විල යන කඳුකර විල් ද මෙම ග්ලැසියර කඩා වැටීමේ අවදානමට ලක්ව ඇති බවයි විදයාඥයන් හෙළිකරගෙන ඇත්තේ.
ඒ අනුව වසර 2ක් තුල එම විල්වල ජල මට්ටම අඩි 3කින් වර්ධනයවී ඇත්තේ ග්ලැසියර දියවීම හා කඩා වැටීම මතයි.
ගෝලීය උණුසුම වර්ධනයවීම සමග මෙම ග්ලැසියර කඩාවැටීම් ධ්‍රැවීය කලාප , හිමාලය ආශ්‍රිතව ද වාර්තා වී තිබෙනවා.
පසුගියදා ඉන්දියාවට අයත් හිමාල කලාපයේදී ග්ලැසියරයක් කඩා වැටුණු අතර එහිදී 50ක් මරණයට පත්ව 150 දෙනකු අතුරුදන් වුණා.
ඒ අනුව ගෝලීය උණුසුම වර්ධනය වන වේගයට සමගාමීව ග්ලැසියර අනතුරු වර්ධනය වනු ඇති බවයි ටිබෙට් පර්යේෂණයට සම්බන්ධ විද්‍යාඥයන් පවසන්නේ.

පුවත යවන්න