දින 04කට වැඩි කාලයක් මීටර් 32ක් ගැඹුරු නල ළිඳක සිරවී සිටි මොරොක්කෝවේ රයන් නැමැති පස් හැවිරිදි දරුවා මරණයට පත්ව තිබෙනවා.
මොරොක්කෝවේ උතුරු දිග දුෂ්කර ගම්මානයක පිහිටි නළ ළිඳකට එම දරුවා පසුගිය අඟහරුවාදා සවස ඇද වැටී තිබූ අතර දරුවා බේරා ගැනීම සදහා දින කිහිපයක් පුරා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා.
සහන කණඩායම් පටු ළිඳට සමාන්තරව පසුකඳු ඉවත් කර පසුව දරුවා වැටී සිටි ළිඳ දක්වා කැණීම් සිදුකරනු ලැබුවා.
අද (06) අලුයම දරුවා මුදා ගැනීමට සහන කණ්ඩායම් සමත් වුවත් ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බව වාර්තා වනවා.
දරුවා මුදා ගැනීමේ මෙහෙයුම සිදුකරන ආකාරය දැක ගැනීමට විශාල පිරිසක් අදාළ ප්‍රදේශයට පැමිණ තිබූ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ අවධානය ද එයට යොමු වුණා.
දරුවාගේ ජීවිතය බේරාගත හැකි බවට ලෝකය පුරා බොහොා් දෙනකු විශ්වාසය තැබූ අතර එය බිදවැටීම කම්පනයක් මතුකර තිබෙනවා.