වන ජීවී නිලධාරීන්ගේ වැටලීමකට රාජ්‍ය ඇමතිවරයෙක් බාධා කරලා

රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ඔහුගේ ආරක්ෂකයින්ද සමග අම්පාර මහඔය අඩවි වන කාර්යාලය ට පැමිණ එහි නිලධාරීන්ට බැණ වැදී තර්ජනය කර ඔවුන්ගේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මුදා ගෙන ගොස් ඇතැයි අඩවි වන නිලධාරීන් පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මහඔය ටැම්පිටිය රක්ෂිතයේ විශාල ප්‍රමාණයේ ගස් විදුලි කියතකින් කුට්ටි කරමින් සිටියදී අත්අඩංගුවට ගත් අයෙකු බවයි අනාවරණ කර ඇත්තේ.

සැකකරු මුදාගැනීමට අඩවි වන කාර්යාලයට පැමිණි පිරිස අතර මහඔය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද සිටින බව වන ජීවී නිලධාරීන් පෙන්වා දෙනවා.

එමෙන්ම රාජ්‍ය ඇමැතිවරයා අම්පාර දිසා වන නිලධාරියාට දුරකතනයෙන් බැණ වැදී ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

මේ අතර වනජීවී නිලධාරීන් තමන්ට බැණ වැදුණු බවටයි අමාත්‍යවරයා ද පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ.

පුවත යවන්න