සමහර රටවල් දස දහස් ගණනක් මිය යන තුරු වහන්නේ නෑ / නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

ලොක්ඩවුන් සඳහා නිර්නායක නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වි‍ශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මිලියන ගණනින් රෝගීන් වාර්තා වී දස දහස් ගණනින් මිය යනතුරුත් සමහර රටවල් වසා නොදමන බව ද ඔහු කියා සිටියා.

වි‍ශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව පැවසුවේ අද(18) පැවති මාධ්‍ය හමුවකදී ලොක්ඩවුන් සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

එහෙම නිර්නායකයක් නැහැ. සමහර රටවල්වල එක රෝගියෙක් නිසාත් ලොක්ඩවුන් කරනවා. ඒක ඒ, ඒ රටේ තියෙන සාමාජීය ආර්ථික හැකියාව අනුව අනෙකුත් සියලු සාධක සැලකිල්ලට ගෙන ගන්න ක්‍රියාමාර්ගය ඒ වගේම සමහර රටවල් තියනවා මිලියන ගණනින් රෝගීන් වෙලා දස දහස් ගණනින් මිය යනතුරු රට කොහොත්ම වහන්නේ නැති වෙලාවල් සිද්ධවෙලා තියෙනවා. මේ එකක්වත් හරිද නිවරැදි ද කියලා අපට කියන්න බෑ. පොදුවේ ගත යුතු තීරණයි මේවා. එක තීරණයක්වත් අවසාන තීරණයක් හැටියට මමත් සලකන්නේ නැහැ.

පුවත යවන්න