කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය කඩකල ඇමතිවරුන් තුන්දෙනා අමාත්‍යධුරවලින් ඉවත් කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.
ඒ පුවත්පත් කර්තෘවරුන් සමඟ ජනාධිපති නිල නිවෙසේදී ඊයේ (27) පැවැති හමුවකදී ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේ මාධ්‍ය ආයතන ප්‍රධානියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි
කැබිනට් තීන්දුවකට එරෙහිව අධිකරණයට යනවා නම් අමාත්‍ය ධුරයෙන් ඉවත් වී එය කළ යුතු බවයි ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ.