කොරෝනා වෛරසයට එරෙහි එන්නත හමුදා රෝහල් මඟින් ලබාගැනීම ප්රතික්ෂේක කිරීම කිසිදු ශ්‍රී ලාංකිකයෙකු සිදු නොකරන බවත් එසේ ප්‍රකාශ කළ හැක්කේ ශ්‍රී ලාංකිකයින් නොවන අයට පමණක් බවත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
මළ ජාතික සන්ධානය ඇතුළු ද්‍රවිඩ මන්ත්‍රීවරුන් යුද හමුදා රෝහල්වලින් කොවිඩ් එන්නත ලබා ගැනීමට සූදානම් නැතැයි සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් හමුදාපතිවරයා මෙම අදහස් පල කළා.
අපිට ඉන්නේ මානුෂීය හමුදාවක්. අපිට මේවා හංගන්න දෙයක් නැහැ. රටේ ජනතාව හදවතට තට්ටු කළොත් දන්වා ලංකාවේ ත්‍රිවිධ හමුදාව කියන්නේ මොනතරම් මානුෂීයද කියන දේ . ඒ වගේම රටේ හමුදාවේ ප්‍රථම රාජකාරියට අමතරව රටේ ජනතාව ආරක්ෂා කරගැනීමටත් රටේ සංවර්ධනයටත් මොන තරම් දායකත්වයක් මේ හමුදාවලින් කරනවාද කියන එක. මේ අය මේ කියපු කාරණයත් එක්ක රටේ ජනතාව මේ තත්ත්වය තේරුම්ගත යුතුයි.
මේ අපේ රටේ හමුදාව ගැන තමයි මේ කතා කරන්නේ. මේ අය කියනවා හමුදා රෝහල්වලින් එන්නත් ලබා ගන්න බැහැ කියලා. ශ්‍රී ලාංකිකයෙකුට නම් ඒ ප්‍රකාශය කරන්න බැහැ.ශ්‍රී ලාංකිකයෙක් නොවන කෙනෙක් තමයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පිළිබඳ මෙවැනි ආකල්ප දක්වන්නේ. මේක ප්රජාතන්ත්රවාදය ඉහළින් ගරු කරන රටක්. එවැනි රටක ඕනෑම කෙනෙකුට ඕනෑම ස්ථාවරයක් දරන්න පුළුවන් ඔවුන්ගේ කැමැත්ත අනුව. මොකද එන්නත් කරණය බලෙන් කරන දෙයක් නෙවෙයි.
ඉතින් මේ කොවිඩ් එන්නත්කරණය හමුදා රෝහල් ආශ්‍රිතව සිදුකිරීමට ගත්තු තීරණයට යම්කිසි පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් අකමැති නම් ඒ ඒ අයගේ තීරණයක්. ඒ මඟින් ඔවුන්ගේ ස්ථාවරය සහ මානසිකත්වය හොඳින් පැහැදිළි වෙනවා. හැබැයි අපි කිසිම භේදයක් නැතිව සියලුම දෙනා ශ්‍රී ලාංකිකයින් ලෙස සලකලා අපි කටයුතු කරනවා. අපිට ඒ ඔවුන්ගේ ස්ථාවට ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. ඔවුන් අපගේ දෙමළ ජනතාව නියෝජනය කරන මහජන නියෝජිතයින්. අපි යාපනය ඇතුළු ප්‍රදේශවල දමිළ ජනතාවත් ආරක්ෂා කර ගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි මේ එන්නත අපි මහජන නියෝජිතයන්ටත් ලබා දෙන්නේ.
ඉතින් ඒ ජනතාව ආරක්ෂා කරගන්න අකමැත්තක් දක්වන්නේ නම් හෝ හමුදාවේ රොහලකින් එන්නත ලබාගන්න අකමැත්තක් දක්වනවා නම් ඒ ඔවුන්ගේ ස්ව කැමැත්ත. අපි ඒ ඔවුන්ගේ මතයට ගරු කරනවා. ඒ ගැන අපිට ප්‍රශ්නයක් නෑ.