හෝමාගම රෝහලේ සිටි කොරෝනා ආසාදිතයෙක් දෙවරක් පැන ගිහින්

කොරෝනා ආසාදිතව හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු දෙවරක් රෝහලෙන් පැනගොස් තිඛෙනවා.

ඔහු පළමු වරට ඊයේ (14) පෙරවරුවේ රෝහලෙන් පැනගොස් ඇති අතර පසුව රෝහල අසල නිවසක් අසල සිටියදී සොයාගෙන යළි රෝහල් ගත කර තිබුණා.

කෙසේවෙතත් මෙම කොරෝනා ආසාදිතයා එදිනම සවස යලිත් රෝහලෙන් පැනගොස් ඇති අතර ගලවිලවත්ත ප්‍රදේශයේ සිටියදී යළි සොයා ගෙන රෝහල් ගත කර තිබුණා.

පුවත යවන්න