අදානී සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බව වාර්තා වනවා.
ඉන්දියාවේ ද හින්දු පුවත්පත වාර්තා කර තිබුණේ අද අදානි මහතා ලංකාවට පැමිණීමට නියමිත බවයි.
ගෞතම් අදානි මහතාට අයත් අදානී සමූහ ව්‍යාපාරයට කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධන කටයුතු ලබා දී තිබුණා.
ඒ පිළිබදව ඔහු ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කරනු ඇති බවයි වාර්තා වන්නේ.