මැතිවරණයට අදාළ මුදල් ලබා නොදීම මත පළාත් පාලන මැතිවරණය නියමිත දිනයේ දී පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ලබන සතියේ යළි රැස්වීමට නියමිතව තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේ, ලබන අප්‍රේල් මස 04 වන දින කොමිෂන් සභාව යළි රැස්වීමට නියමිත බවයි.
පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු අද (28) දිනයේ ආරම්භ කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණ ද එය දින නියමයක් නොමැතිව කල් දමන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කළා.
ඒ අනුව අප්‍රේල් මස 25 වන දින පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම ද නොපැවැත්වෙනු ඇති අතර පළාත් පාලන මැතිවරණ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අනුව අදාළ සාකච්ඡාව ඉදිරි දින කිහිපය තුළ පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.
මැතිවරණයට අදාළව මුද්‍රණය කළ දිස්ත්‍රික් 17ක මැතිවරණ පත්‍රිකා ලබාදීම රජයේ මුද්‍රණාලය විසින් ප්‍රතික්ෂේප කිරීම ද මෙසේ මැතිවරණයට බාධා මතුවීමට බලපා තිබුණා.