අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දැවැන්ත කොටසක් කසල ලෙස අතහරී /බර ටොන් 2.9 ක්

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ භාවිත කළ ටොන් 2.9 ක් බර කොටසක් අභ්‍යවකාශ කසල ලෙස ඉන් බැහැර කර තිබෙනවා.
එම මධ්‍යස්ථානය පැවසුවේ මෙම දැවැන්ත කොටස තුල නිකල් – හයිඩ්‍රජන් බැටරි 48ක් අඩංගු බවයි.
පෘථිවියේ සිට සැකපුම් 265 ක් ඉහළ දී මෙම කොටස අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් වෙන් කර අතහැර දමා ඇත්තේ රොබෝ හස්තයක ආධාරයෙනුයි.
වසර 2 ත් 4ත් අතර කාලයක් අභ්‍යවකාශයේ පාවී යාමෙන් පසු මෙම කොටස යළි පෘථවියට කඩා වැටීමට නියමිතයි.
එහිදී වායුගෝලයට ඇතුළු වන විට ඉන් වැඩි කොටසක් , ගිනි ගෙන විනාශ වනු ඇති බවටද විශ්වාසය පළ කර තිබෙනවා.
කෙසේ වෙතත් එම ප්‍රමාණය නිශ්චිතව පැවසිය නොහැකි බවයි විද්‍යාඥයන් පවසන්නේ.

පුවත යවන්න