චීනයේ හා රුසියාවේ නිෂ්පාදිත අවි තොගයක් අමෙරිකාව විසින් අරාබි මුහුදේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෲස් මිසයිල ඇතුළු මෙම දැවැන්ත අවි තොගය කිසිදු රටක් යටතේ ලියාපදිංචි නොකළ නැවක රැගෙන යමින් තිබියදීයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අමෙරිකානු හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ නෞකාවේ රැදී සිටි පිරිසක් සිය භාරයට ගෙන ප්රශ්න කිරීම් සිදුකරන බවයි.
කිසියම් සංවිධානාත්මක කන්ඩායමකට හෝ ත්රස්ත කණ්ඩායමකට මෙම අවි ලබාදීමට රැගෙන ගිය බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.