පොලීසියේම අභ්‍යන්තර තොරතුරු සඳහන් කරන ආකාරයට අනුව අපේ රටේ දිනකට කාන්තාවන් දෙතුන් දෙනෙක්වත් අතුරුදන් වන බවට පැමිණිලි පොලීසියට ලැබෙන්නේය.
ඒ අතර වැඩියෙන්ම ඇත්තේ පවුල් ආරවුල් හෝ අනියම් සම්බන්ධකම් හේතුවෙන් බිරින්දෑවරු සැමියන් අතහැර යාම් සහ තරුණ දියණිවරු සිය පෙම්වතා සමග පළායාම්ය.
එසේ අතුරුදන්වන්නන්ගෙන් වැඩි දෙනෙක් නැවත සොයා ගැනෙන අතර ඒ අයව සොයා ගන්නේද පොලීසියේ මහන්සියකින් නොව. පැමිණිලි කරුවන් විසින්ම කරන සොයා බැලීම්වලදීය. ඒ මෙවැනි අතුරුදන් වීම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොලීසිය එතරම් උනන්දුවක් නොදක්වන බැවිනි.
පොලීසිය යම් උනනන්දුවක් දක්වන්නේ නම් ඒ බලවතෙකු ඊට මැදිහත් වීමක් සිදුකළහොත් පමණි. නැති නම් අතුරුදන්වීම් අතුරුදන්වීම්ම පමණි. ඇතැම් පැමිණිලි පොලිස් පොත්වල සටහන් කර ගැනීමට පවා පොලීසිය උනන්දුවක් දක්වන්නේ නැති තරම්ය.
පොලීසියේම සංඛ්‍යා දත්තයන්ට අනුව 2015 වසරේ සිට 2020 වසර දක්වා අපේ රටේ අතුරුදන්වීම් වාර්තාවී ඇතැයි පොලීසියට පැමිණිලි ලැබී කාන්තාවනගේ ගණන 23204 දෙනෙකි. ඒ 2020 වසරේ 3716 දෙනෙක්, 2019 වසරේ 3425 දෙනෙක්, 2018 වසරේ 3325 දෙනෙක්, 2017 වසරේ 3617 දෙනෙක් , 2016 වසරේ 4420 දෙනෙක් සහ 2015 වසරේ 4701 දෙනෙක් වශයෙනි.
මේ අයගෙන් කීදෙනෙක් නැවත හමුවී අතිදැයි එම සංඛ්‍යාදත්තවල පෙන්වන්නේ නැත. අතුරුදන් වන සියලුම කාන්තාවන් නැවත හමුවන්නේ නම් හිස නොමැති කාන්තා මළ සිරුරක් ගමන් මල්ලකින් හමුවීමත් සමග සිය ගණනක් ඇමතුම් වේල්ලවීදිය පොලීසියට ලැබෙන්නේ නැත. ඒ අතරද වැඩිම ඇමතුම් ඇත්තේ වසර ගණනාවක් තිස්සේ අතුරුදන්වූ කාන්තාවන් ගැන විමසා වීමද විශේෂත්වයකි.
රුවන් වෙඩිවර්ධන – mawrata