යුගදනවි බලාගාරයේ කොටසක් අමෙරිකානු සමගමකට ලබා දීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය දක්වා රැස්වීමක් පැවැත්වීමට ආණ්ඩුවට සහය දක්වන හවුල්කාර පක්ෂ තීරණය කර තිඛෙනවා.
ලබන 29 වනදා කොළඹදී මහජන සභාව නමින් ප්රසිද්ධ රැස්වීමක් පැවැත්වීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.
පාර්ලිමේන්තු මන්ත්රී ටිරාන් අලස් මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවකදී ආණ්ඩුවට සහය දක්වන පක්ෂ 10ක නායකයින් මෙම තීරණයට එළඹ තිබුණා.
යුගදනවි බලාගාරය අමෙරිකානු සමාගමකට පැවරීමට විරෝධය දක්වා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින්ගේ අත්සනින් යුතු ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ද මෙහිදී තීරණය වී තිඛෙනවා.