මේ දක්වා ආරක්ෂක අමාත්‍යංශ ශීර්ෂය යටතේ තිබූ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව ඇතුළු දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 15 ක් ඇතුළත් වන පරිදි ‘තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය‘ නමින් නව අමාත්‍යාංශයක් නම් කර තිබේ.
මීට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ (09) දිනයේ දී ප්‍රකාශයට පත් කර ඇත.
අදාළ අමාත්‍යාංශය යටතට පැවරෙන කාර්යයන් හා කර්තව්‍යයන් සහ ක්‍රියාත්මත කළ යුතු නීති සහ අණ පනත් පහත පරිදි වේ.