ආසාද් සාලිගේ ප්‍රකාශය ගැන CIDයෙන් විශේෂ විමර්ශනයක්

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි සිදුකර ඇතැයි කියන මතභේදාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිඛෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

අසාද් සාලි මහතා සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස් මූලස්ථානය ලැබී ඇති පැමිණිලිවලට අදාළව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

පුවත යවන්න