ඉන්දියාවේ සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ විවිධ අවශ්‍යතා මත ඉන්දියාවට ගොස් යලි දිවයිනට පැමිණීමට නොහැකිව සිටින පුද්ගලයින් මෙලෙස ගෙන්වා ගැනීමට වැඩපිළිවෙලක් සකස් කරන බවයි.

සෞඛ්‍ය අංශ දී තිබෙන උපදෙස් අනුව අදාළ වැඩපිළිවෙල ක්‍රියාවට නංවන බවත් මේ වන විට ඉන්දියාවෙන් සංචාරකයන් ගෙන්වීම සති දෙකකට තාවකාලිකව අත්හිටුවා ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

පුවත යවන්න